සිසුවා

පැවරුම්

මගේ පැවරුම් සොයාගත හැක්කේ කොතැනින්ද?

ඔබ දැනට කරමින් පවතින පැවරුම් ඒවා අවසන් කිරීමට නියමිත දින වකවානු සහිතව සහ එම පැවරුම් වල ඔබ සම්පූර්ණ කර ඇති ප්‍රතිශතයද හඟවමින් ඔබේ ශිෂ්‍ය මණ්ඩලයේ දක්නට ලැබෙනු ඇත. පැවරුමේ ඔබ ලබාගත් ලකුණු වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබට සම්පූර්ණ ඉගෙනුම් ඒකක හෝ ඒවායේ නිශ්චිත පියවරයන් නැවත ධාවනය කළ හැකිය, එසේ කළ හැක්කේ පැවරුම අවසන් කළ යුතු දිනය තවමත් පසු වී නොමැති නම් පමණි.

මම භාෂා කිහිපයක් ඉගෙන ගන්නවා නම්, මම Lingua Attack එක භාවිතා කරන්නේ කෙසේද?

ඔබ එක් භාෂාවකට වඩා ඉගෙන ගැනීම සඳහා Lingua Attack එක භාවිත කරනේ නම්, ඉගෙනීමේ භාෂාව වෙනස් කිරීමට (භාෂාව වෙනස් කරන බොත්තම හරහා) අමතක නොකරන්න, එවිට ඔබට ඔබගේ පැවරුම්, කාලසටහන්ගත තක්සේරු පරීක්ෂණ සහ වෙනත් ඉගෙනුම් භාෂාව හෝ භාෂාවන් සඳහා පැවරුම් ප්‍රගතිය දැක ගත හැකිය

උදාහරණයක් ලෙස, ඔබ ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා යන දෙකම ඉගෙන ගැනීම සඳහා Lingua Attack එක භාවිතා කරන්නේ නම්, ඔබගේ සියලු පැවරුම්, නියමිත ඇගයීම් පරීක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාවේ පැවරුම් වල ප්‍රගතිය බැලීමට, ඔබේ ඉගෙනුම් භාෂාව ඉංග්‍රීසි භාෂාවට සකසන්න. ජර්මන් භාෂාව සඳහා එම තොරතුරුම බැලීමට ජර්මන් භාෂාව වෙත වෙනස් වීමට වග බලා ගන්න.